කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව ඊයේ (27) දින පැවති අතර එහිදී මාධ්‍ය වාර්ථාකරුවන් විසින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් අසා සිටියේ ප්‍රකාශයක් ලබා ගැනීමට FCDI වෙත කැදවුවිට, ශිරන්ති රාජපක්ෂ ඒ සඳහා සති දෙකක කාලයක් ලබා ගැනීම සම්බන්ධවය.
මේ පිළිබඳව අමාත්‍ය නලින්ද ප්‍රකාශ කරන ලද්දේ එෆ් සී අයි ඩී හෝ සී අයි ඩී එක කැදවුවිට දවසකට දෙකක කාලයකට පැමිණිය නොහැකිනම් දැනුම්දීමේ හැකියාවක්, වෙන දිනයක් ඉල්ලීමේ අවස්ථාවක් රටේ ඕනෑම පුරවැසියෙකුට ඇති බවත් නමුත් ඇය හිටපු ජනාධිපතිවරයෙකුගේ භාර්‍යාවක්, දේශපාලනයෙ නාමල් රාජපක්ෂගේ මව හා හිටපු රටෙහි පළමු කාන්තාවක් විදියට නීතියෙන් පලා නොයා නීතිය ඉදිරියට ඇවිත් එම ඉල්ලන ප්‍රකාශය ලබාදීමට ඇයට යුතුකමක් හා සමාජවගකීමක් ඇති බවත්ය.
” අපි හිතනවා සති දෙකක් යන්න කලින් ඇවිල්ලා ප්‍රකාශයක් දෙයි කියලා මොකද ඇයගෙ පැත්තෙන් ඇයගේ නීතිඥයාට කතා කරලා සූදානම් වෙන්න ඕන තරම් අවුරුදු ගානක් තිබ්බා…”
එතුමා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළේ එලෙසය.
එම සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් දැන් නැරඹිය හැකිය.





