පා. ම. පාඨලී චම්පික රණවක

ඇත්ත වශයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් තිබුණද? ආදී වශයෙන් පරණ ප්‍රශ්නම අහන්න තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවලා තිබුනේ.මම ඒ පිළිබඳව සවිස්තරාත්මක සාක්ෂි කිසිම දෙයක් හංගලා නැහැ.

ජනාධිපති කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහළොස් දෙනෙක් ගැන කරුණු එවලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා, දැන් ඉන්න පොලිස්පතිතුමා ඇතුළු දැනට ලංකාවේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ නඩු පවරන්න කටයුතු කරන්න.

ඒ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව අපිව කැඳව, කැඳව, මේ සම්බන්ධයෙන් කටයුතු කරන එක වැරදී. අනාගතයේ අනිවාර්යෙන්ම පොලීසියත්, අපරාධ පරීක්ෂණ අංශත්, බුද්ධි අංශයත් ස්වාධීන කළ යුතුයි. එහෙම නැත්නම් දේශපාලනයට, පාතාලයට අවශ්‍ය විදිහට මේවා හැසිරෙන්නේ තියෙන ඉඩකඩ වැඩියි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>