ආශු මාරසිංහ

ගොඩක් පක්ෂ කණ්ඩායම් අපිත් එක්ක එකතු වෙමින් තියෙනවා. අලුතෙන් කණ්ඩායම් ඉදිරියේදී එකතුවෙයි. පාර්ලිමේන්තුවේ ඉන්න සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් ඉදිරි මාස දෙක, තුන ඇතුලත අපිත් එක්ක එකතුවෙයි.

සජබෙ යන රටාව අනුව සජිත් ප්‍රේමදාස මහත්මයත් එක්ක සාමාන්‍යයෙන් කෙනෙකුට අවුරුද්දකට වඩා ඉන්න හිතෙන්නේ නැහැ. ඒක ඉන්න හිතෙන තැනක් නෙමෙයි. අනුර කුමාරත් හිතන් ඉන්නවා දැන් එතුමා සිහින ජනාධිපති වෙලානේ තියෙන්නේ කියලා. අනුර කුමාර මහත්තයට දැන් පොඩි චූන් එකක් ඇවිල්ලා තියෙනවා.

මේ රට පිළිඅරගෙන ඉවරයි පරිණත අත්දැකීම් තියෙන, වැඩ කරන්න පුළුවන්, කෙනෙකුට විතරයි මේ රට කරන්න පුළුවන් කියලා. ආයේ ටෙස්ට් කරන්න දෙයක් නැහැ. හොඳට ටෙස්ට් කරපු සුපිරි වැඩ්ඩෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>