සෞදි අරාබියේ අධිකරණයක් විසින් සිවරාජා අනජන් නමැති ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඬුවම නියම කර ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් ප්‍රකාශ කරන ලදී.
මන්ත්‍රීවරයා සඳහන් කරන ලද්දේ, සමාජ මාධ්‍ය ඔස්සේ නබි නායකතුමාට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් මීට මාස කිහිපයකට පෙර ඔහු අත්අඩංගුවට ගෙන තිබූ බවය.
ඒ සම්බන්ධයෙන් මීට පෙර සෞදි අධිකරණය විසින් ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබූ බවද,
අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 19ක මුදලක් පවුලේ සාමාජිකයන් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙවා ඇති බවත්, එහෙත් පසුව මරණ දඬුවම නියම කර ඇති බවට පවුලේ සාමාජිකයන් චෝදනා කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, මේ අවස්ථාවේ ප්‍රධාන අරමුණ තරුණයා මරණ දඬුවමෙන් මුදා ගැනීම බව පැවසූ ඔහු, ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් හරහා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින ලදී.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





