2027 අයවැය යෝජනා සහ ඒවා වැඩ කරන ජනතාවට බලපාන ආකාරය ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර හමුවක් අද (නොවැම්බර් 26) පස්වරු 3ට කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබිණි.
‘අයවැය සහ වැඩ කරන ජනතාව’ යන තේමාව යටතේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මෙම හමුව සංවිධානය කර තිබිණි. අයවැය යෝජනා පිළිබඳ කරුණු පැහැදිලි කිරීමත්, විවිධ ක්ෂේත්රවල සේවක ගැටලු ඉදිරිපත් කිරීමට සමිති නියෝජිතයන්ට අවස්ථාව සැලසීමත් එහි අරමුණ විය.
මෙම හමුව කැඳවා තිබුණේ, වැටුප් විෂමතා ඇතුළු සේවා ගැටලුවලට ප්‍රමාණවත් විසඳුමක් ලැබී නැතැයි පවසමින් ගුරු–විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය නොවැම්බර් 30 වැනිදා සැලසුම් කළ එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කර තිබූ පසුබිමකය.
