එළිමහන් සංගීත සංදර්ශන, රාත්‍රී සංගීත ප්‍රසංග සහ අධික ශබ්ද සහිත ප්‍රචාරණ කටයුතු සිදු කිරීමේදී පවතින නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්‍රික් වුට්ලර් මහතා සඳහන් කරන ලද්දේ, මහජන කරදර, මහජන උපද්‍රව සහ වෙනත් පීඩාකාරී තත්ත්වයන් ඇති නොවන ආකාරයෙන් එවැනි උත්සව පැවැත්වීම සංවිධායකයන්ගේ වගකීමක් බවය.
එසේම අදාළ නීති උල්ලංඝනය වන අවස්ථාවලදී ප්‍රසංග සඳහා භාවිත කරන උපකරණ පොලිස් භාරයට ගැනීමට සහ උත්සවයට බාධා කිරීමට හැකියාව පවතින බවද ඔහු පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල එවැනි ප්‍රසංග පෙරවරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පමණක් පැවැත්විය හැකි බවත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල පෙරවරු 1.00 දක්වාත්, ඉරිදා දිනවල රාත්‍රී 12.30 දක්වාත් පැවැත්විය හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඒ අනුව, බලපත්‍රලාභීන් මහජනතාවට බාධාවක් හෝ පීඩාවක් ඇති නොවන අයුරින් උත්සව පවත්වාගෙන යාමට වගබලා ගත යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





