2027 වසර සඳහා අයවැය යෝජනා සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් පසුගිය 10 දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජාතික සංවර්ධන ඉලක්කයන්ට සමගාමීව ඉදිරි වසර සඳහා වන ව්‍යාපෘති සැලසුම් කිරීම මෙහිදී ප්‍රධාන කරුණක් විය.

මෙහිදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිමය ව්‍යාපෘති තුනක් වන ඩිජිටල්කරණය, දිළිඳුකම තුරන් කිරීම සහ ‘Clean Sri Lanka’ යන සංකල්පයන් සමඟ සමපාත වන පරිදි අමාත්‍යාංශයේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

2030 වන විට මෙරට සමස්ත අපනයන ඉලක්කය වන ඇමරිකානු ඩොලර් බිලියන 36 සපුරා ගැනීමේදී, වැවිලි භෝග මගින් උපයා ගැනීමට අපේක්ෂිත ඇමරිකානු ඩොලර් බිලියන 6ක ආදායම් ඉලක්කය කරා යන ගමන් මග ශක්තිමත් කිරීමට අවශ්‍ය සංවර්ධන වැඩසටහන් පිළිබඳවද දීර්ඝව සාකච්ඡා කරන ලදී.

එමෙන්ම, දැනට ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති නව සැලැස්මකට අනුව වැඩි කාර්යක්ෂමතාව සහ විධිමත් ක්‍රියාකාරිත්වය ලබා දීමට අවශ්‍ය මඟපෙන්වීම් නිලධාරීන් වෙත ලබා දීමද මෙහිදී සිදුවිය.