2027 වසර සඳහා අයවැය යෝජනා සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් පසුගිය 10 දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ජාතික සංවර්ධන ඉලක්කයන්ට සමගාමීව ඉදිරි වසර සඳහා වන ව්‍යාපෘති සැලසුම් කිරීම මෙහිදී ප්‍රධාන කරුණක් විය. මෙහිදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිමය ව්‍යාපෘති තුනක් වන ඩිජිටල්කරණය, දිළිඳුකම තුරන් කිරීම...

