ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ගුරු විභාග දෙකම පවත්වනු ලබන්නේ දැනට පවතින නඩු කටයුතුවලට අදාළ අධිකරණ තීන්දුවලට අනුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඒ අනුව, ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන උපාධිය ලබාගත් දිනය සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීමට අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන ලදී.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මොණරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම අදහස් පළ කරන ලදී.

එසේම, ළමා ආරක්ෂණයට අවධානය දෙමින්, නව ඩිජිටල් ප්‍රතිපත්තිය අප්‍රේල් මාසයේ හඳුන්වාදෙන බව අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.