“රටක් විදිහට ශ්‍රී ලංකාව ස්ථාවර වෙමින් පවතිනවා.. පසුගිය කාලය තුළ අපි ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබෙනවා වගේම, ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කරගෙන තිබෙනවා.

පෙබරවාරි 13 වන දින කොළඹ පැවති ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංවිධානයේ Pearl of the Indian Ocean: Sri Lanka programme වැඩසටහනට සහභාගී වෙමින් ාග්‍රාමාත්‍ය ආචාරිනි හරිනි අමරසූරිය තම අදහස් ප්‍රකාශ කළේ එලෙසිනි.

එසේම එම ස්ථාවරත්වය පවත්වා ගැනීමට කැපවී ක්‍රියා කරන බවත් කෙටි කාලීන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ නොවන බවත්, එය දිගුකාලීන සහ වඩාත් ඔරොත්තු දෙන අන්දමේ ඉලක්ක කරා ගමන් කිරීම වගත් එතුමිය ප්‍රකශ කරන ලදී.

තිරසාර ආයෝජන හවුල්කාරිත්වයන් සඳහා හොඳින් සූදානම්, ස්ථාවර, විනිවිදභාවයෙන් යුතු ශ්‍රී ලංකාවක් ගොඩනඟමින් සිටින බවද අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.