විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් ගම්පහ වික්‍රමාරච්චි උසස් අධ්‍යාපන ආයතනයේ පශ්චාත් උපාධි අහෝසි කිරීමට සූදානම් වන බව පැහැදිලිව දැනගන්න ලැබුනු බව පවසමින් ඒ පිළිබඳව අද (05) දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබුවේය.

”ගරු කථානායකතුමනි එතුමාට සමාජ මාධ්‍යය හෝ වෙන විදියට ගොසිප් වලින් එන කරුණු මත ප්‍රශ්න යොමු කරන්න එපා කියලා මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා.”

එසේ මෙයට පිළිතුරු දක්වමින් අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය පවසන ලද්දේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමටවත් ශ්‍රී ජයවර්ධනපුර දන්ත වෛදය පීඨය වසා දැමීමටවත් කිසිම තීරණයක් ‍රැගෙන නොමැති බවත් වික්‍රමාරච්චි ආයතනය පිළිබඳවද වාර්තාවක් සභාගත කර ඇති අතර එය විපක්ෂනායකතුමන්ද ඉතා හොදින් දන්නා වගයි.

වික්‍රමාරච්චි ආයතනයෙහි ඉතාමත්ම වැරදි ආකාරයට නිවැරදි තීන්දු නොගෙන විවිධ උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා විවෘත කර ශිෂ්‍යයන් ඉතාමත්ම අසරණ තත්ත්වයකට පත් කර ඇති වගද එතුමිය මෙහිදී ප්‍රකාශ කළාය.

එසේම ඒවා නිවැරදි කිරීමට ශිෂ්‍යයන්ගේ පැත්තේ සිට ක්‍රියාමාර්ග ගන්නා බවත් එය දේශපාලන තීන්දුවක් නොව විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ විද්වත් කමිටුවක් පත් කොට ක්‍රියාත්මක කරනු ලබන්නේ එම නියෝග බවත් එතුමිය වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මෙම සම්පූර්ණ අවස්ථාව අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>