ඊයේ (05) වන දින පාර්ලිමේන්තු සැසිවාරයේදී අමාත්‍ය බිමල් මතු කරන ලද්දේ හෙළමුතු සෙවණ නිවාස සංකීරණයේ බදාම ස්ථරයක් ගැලවියාම හේතුවෙන් කුඩා දරුවෙකු මිය යාමේ කාරණය සම්බන්ධවයි.

නාගරික පූර්ණ ජීවන ව්‍යාපෘති යටතේ ඉදිරි කර ඇති නිවාස ව්‍යාපෘතීන් වල ගැටලු අති විශාල ප්‍රමාණයක් තිබෙන බව සඳහන් කරමින් දරුවාගේ ජීවිතය අහිමි වීම පැහැදිලිවම නාගරික සංවර්ධන අධිකාරිය මිනිසුන් පිළිබඳව නොහිතා ඉදිකිරීම් සිදු කිරිමේ ප්‍රතිඵලයක් ලෙස දකින බව අමාත්‍ය බිමල් ප්‍රකාශ කරන ලදී.

එසේම අමාත්‍යංශය භාර ගැනීමෙන් අනතුරුව එමගින් රුපියල් මිලියන 325ක් මෙවැනි ප්‍රතිසස්කරණ සදහා වෙන් කල බවත් රජය විසින් අඩු ආදායම් ලාභීන්ගේ ජීවිත යහපත් කිරීමට වැඩ පිළිවෙලක් සදා ඇති බවත් මෙහිදී එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

එම සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැක.>>>>>>