ජනපති අනුර කුමාර මහතාගේ ප්‍රමුඛත්වයෙන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඊයේ (08) ජනාධිපති කාර්යාලයේදී හමුවක් පැවැත්වුණා. මෙහිදී රේගු ක්‍රියාවලියේ සංකීර්ණතා, ඩිජිටල්කරණය, නීති සංශෝධන අවශ්‍යතාව සහ ASYCUDA පද්ධතියෙහි අඩුපාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

ඉදිරි කාලයේදී රේගු ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන් ඩිජිටල් කර, ආදායම් නිවැරදිව හඳුනා ගැනීම, බදු නිදහස් කිරීමේ කටයුතු වඩා සාධාරණව සහ කඩිනමින් සිදු කිරීමට උපදෙස් ලබා දුන් අතර, විද්‍යුත් වාණිජ්‍යය සම්බන්ධ ගැටළු සඳහා පාරිභෝගික මූලික විසඳුම් සෙවීමටද අවධානය යොමු විය.

මෙම හමුවට ජනාධිපති ලේකම්, රේගු අධ්‍යක්ෂ ජනරාල්, මුදල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.