ලබන මාසයේ සිට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සියලුම අභ්‍යාස පොත්වල මිල සියයට 18කින් පහළ දැමීමට පියවර ගන්නා බව ජාතික පොත් ව්‍යාපාරික සංගමය නිවේදනය කර තිබේ.

නව රජයේ අයවැය මඟින් හඳුන්වා දී ඇති එකතු කළ අගය මත බදු (VAT) සහන පදනම් කරගනිමින් මෙම මිල සංශෝධනය සිදු කරන බව එම සංගමය සඳහන් කරයි.

මෙම බදු සහනයේ සැබෑ ප්‍රතිලාභය සෘජුවම පාසල් සිසුන්ට සහ දෙමාපියන්ට ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව ඉදිරි මාසයේ සිට දිවයින පුරා අලෙවි කෙරෙන සියලුම වර්ගයේ අභ්‍යාස පොත් සඳහා මෙම මිල අඩු කිරීම එක ලෙස බලපැවැත්වෙනු ඇත.