2027 අයවැය යෝජනා සම්බන්ධ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට (20) පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බව ලංකාදීප වාර්තා කරයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 අයවැය යෝජනා පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය, හෙට දිනයද ඇතුළත්ව දින හතක් පුරා පැවැත්වෙන බව සඳහන් වේ.
මේ අතර, අයවැයේ තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සෙනසුරාදා දින හතරක්ද ඇතුළත්ව දින 19ක් වෙන් කර ඇති බව වාර්තා වේ.
අයවැය ක්‍රියාවලියේ අවසන් අදියර වන තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට සැලසුම් කර ඇත. 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 7 වැනිදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.



