වායු ගුණාත්මක අගය පහළ යාම සහ ගුවන් ගමන් සඳහා අවශ්‍ය දෘශ්‍යතාව පවත්වා ගැනීමට නොහැකි වීම හේතුවෙන්, යාපනය සහ චෙන්නායි අතර අද (19) ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කර තිබේ.
ගුවන් යානා ගුවන්ගත කිරීමේදී සහ ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමේදී ගැටලුකාරී තත්ත්වයක් මතු වූ බැවින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර, යාපනයේ වායු ගුණාත්මක අගය 200 ඉක්මවා සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) ප්‍රකාශ කර තිබේ.



