2027 වසර සඳහා වන අයවැය සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කරන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ, අයවැය සකස් කිරීම සඳහා සියලු අමාත්‍යාංශ, විවිධ සංවිධාන, විද්වතුන් සහ ක්ෂේත්‍ර විශේෂඥයින්ගෙන් අදහස් හා තොරතුරු ලබා ගනිමින් කටයුතු කරන බවය.

ඉදිරි අයවැය තුළ වැඩි අවධානයක් ප්‍රාග්ධන වියදම් සඳහා යොමු කරමින් රටේ සංවර්ධන වැඩසටහන් තවදුරටත් වේගවත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

2027 අයවැය යෝජනා නොවැම්බර් මස දෙවන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.