සමෘද්ධි දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කුමන විවේචන එල්ල වුවද එය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කරන ලදී.

ඔහු සඳහන් කරන ලද්දේ අතීතයේ සිදුවූ වැරදි හා අඩුපාඩු පිළිබඳව පාඩම් ඉගෙන ගනිමින් වර්තමානයට ගැළපෙන ආකාරයෙන් ආයතන පද්ධතිය වෙනස් කළ යුතු බවය.

සමෘද්ධි දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලන පක්ෂවල නියෝජිතයන් ඇතුළු විවිධ පාර්ශ්ව විවේචන ඉදිරිපත් කර ඇති බවද එම විවේචන මධ්‍යයේ වුවද දෙපාර්තමේන්තුවේ අවශ්‍ය ප්‍රතිසංවිධාන සිදු කරන බව ඔහු පැවසීය.

ජනතාව අපේක්ෂා කරන සමාජ වෙනස දේශපාලන ක්ෂේත්‍රයට මෙන්ම රාජ්‍ය සේවයට සහ රාජ්‍ය ආයතනවලටද ගෙන ආ යුතු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා වසර ගණනාවක් පැරණි ක්‍රමවේද මත තවදුරටත් ආයතන පවත්වාගෙන යා නොහැකි බවත්, ඒවා ජනතාවට වඩාත් සමීප ආයතන බවට පරිවර්තනය කළ යුතු බවත් අවධාරණය කළේය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ පසුගිය වසර දෙකට ආසන්න කාලය තුළ වෙනස්කම් රැසක් සිදු කර ඇති අතර, ඉදිරියේදීද අවශ්‍ය වෙනස්කම් සිදු කරන බවය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>