හැටන් නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී පදික වෙළෙඳුන් සහ නගර සභා නිලධාරීන් අතර අද (19) උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා වේ. හැටන් – දික්ඔය නගර සභාව මඟින් මීට සතියකට පමණ පෙර සිදු කළ දැනුවත් කිරීමකට අනුව, ඉවත් නොවූ වෙළෙඳුන් එම ස්ථානවලින් ඉවත් කිරීමට නගර සභා නිලධාරීන් අද පියවර ගෙන තිබිණි.
කෙසේ වුවද, එම අවස්ථාවේ පදික වෙළෙඳුන් විරෝධය පළ කිරීම හේතුවෙන් තත්ත්වය උණුසුම් විය. සිය වෙළෙඳසැල් ඉවත් කිරීමට පෙර වෙළෙඳාම් කිරීම සඳහා සුදුසු ස්ථානයක් ලබා දිය යුතු බව වෙළෙඳුන් පෙන්වා දී ඇත.
අනතුරුව හැටන් පොලිසිය එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කළ අතර, ඒ සමඟම වෙළෙඳුන් එම ස්ථානයෙන් පිටව ගිය බව සඳහන් වේ.



