2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් අද සම්මත කෙරිණි. ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 60කි.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නොවැම්බර් 12 වැනිදා අයවැය කතාව ඉදිරිපත් කළේය. ඒ අනුව නොවැම්බර් 13 වැනිදා සිට අද දක්වා දින හතක කාලයක් දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණි.
අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට සිට ලබන දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වෙන අතර, රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනය ද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්වේ.


