අම්පාර, නින්දවූර් මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයන් සිව් දෙනකු අතරින් එක් අයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම පිරිස අතර සිටි තවත් දෙදෙනකු අතුරුදන්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
දිය නෑමට ගිය පිරිසෙන් එක් අයකු නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකි වූ බවද සඳහන් වේ. අතුරුදන් වූ දෙදෙනා සෙවීමේ කටයුතු හෝ සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු පිළිබඳව මෙතෙක් සවිස්තරාත්මක කරුණු අනාවරණය වී නොමැත.
