අමෙරිකාවේ විශාලතම බැංකුව වන JPMorgan Chase ආයතනයට සේවා සපයන තෙවන පාර්ශ්ව සමාගම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව Reuters පුවත් සේවය වාර්තා කරයි. මෙතෙක් සිදු කළ විමර්ශනවලට අනුව, ප්‍රහාරකයන් එම සේවා සපයන සමාගම් සතුව තිබූ ඇතැම් අලෙවිකරණ දත්ත වෙත ප්‍රවේශ වී ඇති බවට විශ්වාස කරන බව JPMorgan ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

එම දත්ත අතර ගනුදෙනුකරුවන්ගේ නම් සහ විද්‍යුත් තැපැල් ලිපිනද ඇතුළත් විය හැකි බව එම ප්‍රකාශකයා පවසා ඇත.

මෙම සයිබර් ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන බවද JPMorgan Chase ආයතනය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.