පදනම් විරහිත තොරතුරු ප්‍රකාශ කිරීම පොදු විපක්ෂයේ පුරුද්දක් බවට පත්වී ඇති බවත් විපක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් හරහා ද එවැනි ප්‍රකාශ සිදුවීම කණගාටුවට කාරණයක් බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

ඒ ඊයේ (06) දින පාර්ලිමේන්තු සැසි වාරයේදීය.

මෙහිදී ත්‍රිකුණාමලයේ භික්ෂූන්ගේ සිදුවීම උදාහරණ ලෙස ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන ලද්දේ එම සිදුවීමට අදාළව අත් අඩංගුවට ගැනීම් හදිසි නීතිය යටතේ සිදුකළ බවට විපක්ෂය ප්‍රකාශ කළද එම සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය නීතිය යටතේ බවයි.

රජය කිසි ලෙසකත් හදිසි නීතිය අවභාවිතා කරමින් මාධ්‍ය හෝ කිසිදු මහජන විරෝධතාවයක් මර්දනය කිරීමට කටයුතු කොකළ අතර රජය මැදිහත්වීමෙන් එවැනි මර්දනය වීම් සිදු කර ඇත්නම් එම සිදුවීම් නිශ්චිතව ගෙනහැර දක්වන ලෙස අගමැතිනිය වැඩිදුරටත් පැවසී ය.

එම සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැක >>>>>>