සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවා කාණ්ඩ හතරක් යටතේ නව නිලධාරීන් 223 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නව ශ්‍රවණාගාරයේදී මෙම පත්වීම් පිරිනැමීම සිදුකර ඇත්තේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහිදී රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුරු සඳහා පුද්ගලයින් 36 දෙනෙකුට ද, ගබඩාකරු තනතුරු සඳහා 27 දෙනෙකුට ද පත්වීම් ලබාදී ඇත. ඊට අමතරව සුළු සේවා පාලක තනතුරු සඳහා 06 දෙනෙකු සහ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරු සඳහා 154 දෙනෙකු වශයෙන් නව බඳවාගැනීම් සිදුකර තිබේ.
රෝහල් ඇතුළු දිවයිනේ සෞඛ්‍ය ආයතනවල පරිපාලන, මෙහෙයුම් මෙන්ම සහායක සේවාවන් විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සහ මානව සම්පත් ධාරිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බව සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මහ මැතිවරණ ජනවරමට දෙවසරක් සපිරෙන මොහොතේ රාජ්‍ය සේවයට එක්වන නව නිලධාරීන් සියලු දෙනා ගෞරවයෙන් පිළිගන්නා බවයි.





