වර්තමාන ආණ්ඩුවේ අරමුණ සාධාරණ හා යුක්තිසහගත සමාජයක් ගොඩනැගීම බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ප්‍රකාශ කරන ලදී.
ඔහු සඳහන් කළේ සෑම පුරවැසියෙකුටම අධ්‍යාපනය, රැකියාව සහ ව්‍යවසායකත්වය සඳහා සමාන අවස්ථා හිමිවන පරිසරයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ ඉලක්කයක් බවයි.
තවද, ලබන වසර තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ ආයතනික ව්‍යුහය පරිවර්තනය කරන අතර සම්මාන ප්‍රදාන ක්‍රමවේදයද යාවත්කාලීන කරන බව හෙළි කළේය.
ලෝක අගය දාමයට ගැළපෙන ව්‍යවසායකයන් බිහිකිරීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත්,
එමඟින් සාර්ථක ව්‍යාපාර මඟපෙන්වීම යටතේ නව ව්‍යවසායකයන් බිහිකර, ඉදිරි වසර 10කදී තවත් සාර්ථක ව්‍යාපාර රැසක් රටට දායාද කිරීම අපේක්ෂාව බවද ඔහු පැවසීය.
මෙම පියවර හරහා ඉදිරි වසර 20 තුළ ශ්‍රී ලංකාව සැලකිය යුතු ආර්ථික හා කර්මාන්ත පරිවර්තනයක් කරා ගමන් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>





