විජේතිලක ජයසිංහ.

අන්තර් විශ්ව විශ්වවිද්‍යාලය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් කැඳවලා ඇති වැඩ වර්ජනය නිසා මේ වෙනකොට අපේ රටේ වීශ්වවිද්‍යාල සේවාවන්, දෛනික සේවාවන්, දෛනික කටයුතු යම්ප්‍රමාණයකින් අඩාල වෙලා තිබෙනවා.

පොදුවේ හේතුව වී තිබෙන්නේ පහුගිය අයවැයෙන් රාජ්‍ය සේවයට, අර්ධ රාජ්‍ය සේවයට වැඩි කරපු ආපදා ණය ලක්ෂ දෙකහමාරේ ඉඳලා ලක්ෂ හතර දක්වා වැඩි කරපු ඒ සහනය වීශ්වවිද්‍යාල සේවකයින්ට තවමත් ලැබිලා නැති ප්‍රශ්නයක්. මෙවැනි කාරණා කිහිපයක් මුල් කරගනිමින් තමයි ඔවුන් මේ වැඩ වර්ජනය කැඳවා තිබෙන්නේ.

මේ වෙනකොටත් අපි ආණ්ඩුවේ වෘත්තීය සමිතිය විදිහට මේ ගැටළු නිරාකරණය කිරීම සඳහා මේකට අවශ්‍ය මැදිහත්වීම කරලා තියෙනවා. මේ කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න වීශ්වවිද්‍යාල වෘත්තීය සමිති සමග නුදුරේම අපි සාකච්ඡාවක් සූදානම් කරලා තිබෙනවා.

වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>