යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ අලුතෙන් ඉදිකළ ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන ප්රවාහනය කිරීම සාර්ථකව සිදු කර ඇති බව ශ්රී ලංකා නාවික හමුදාව පවසයි.
ඉන්ධන බවුසර් රථ දෙකකින් රැගෙන ආ ඉන්ධන තොගය කන්කසන්තුරේ වරායේ සිට මුහුදු මාර්ගයෙන් ඩෙල්ෆ්ට් දූපත වෙත ආරක්ෂිතව ප්රවාහනය කර තිබේ. උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්රී ලංකා නාවික නෞකා ‘රණගජ’ නෞකාව මඟින් මෙම ප්රවාහනය සිදු කළ බව නාවික හමුදාව සඳහන් කළේය.
ඩෙල්ෆ්ට් දූපත තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ඉන්ධන පිරවුම්හල ස්ථාපිත කර ඇත. 2025 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති කුරිකට්ටුවාන් ජැටිය සංවර්ධනය කිරීමේ අවස්ථාවේදී මෙම ඉන්ධන පිරවුම්හල ඉදිකිරීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබිණි. අනතුරුව 2026 වසරේ ජූලි මාසයේදී ඒ සඳහා මුල්ගල් තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.


