අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලිබර්ටි ප්‍රතිමාවේ සිතුවමක් තත්පර 43.5කින් නිර්මාණය කරමින් චිත්‍ර ශිල්පී ඩේවිඩ් ගැරිබෝල්ඩි (David Garibaldi) ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

ගිනස් ලෝක වාර්තා දිනය 2026 වෙනුවෙන් මෙම වාර්තාගත උත්සාහය පසුගිය නොවැම්බර් 19 වැනිදා නිව්යෝර්ක්හි බෘක්ලින් ප්‍රදේශයේදී සිදු කර ඇති බව ඉන්දීය හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

එහිදී ඔහු කොළ සහ නිල් වර්ණ යොදා ගනිමින් කැන්වසය මත ඉතා වේගයෙන් තීන්ත ආලේප කර ඇත. පසුව එම කැන්වසය උඩු යටිකුරු කිරීමත් සමඟ ලිබර්ටි ප්‍රතිමාවේ සිතුවම මතු වී ඇති බව වාර්තා වේ.