සමස්ත සමාජ පරිවර්තනය තුළ ඇතිවන නව අභියෝග හමුවේ ශාසනයේ ප්‍රබෝධය වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.
අද (19) පල්ලෙකැලේ SIBA පරිශ්‍රයේ පැවති “සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙන” සඟරජ බුහුමන් 2026 ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, පිරිවෙන් සහ පාසල් එකම අධ්‍යාපන ආයතන ලෙස නොසැලකිය යුතු අතර, පිරිවෙන් අධ්‍යාපනයේ විශේෂ අරමුණු හා ස්වභාවය හඳුනාගෙන ඊට ගැළපෙන ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවයි.





