ශ්‍රී ලංකාව මුහුණ දෙන විවිධ අභියෝග හමුවේ ජපානය ලබා දෙන නොසැලෙන සහයෝගය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇගයීමට ලක් කළේය.
ජපාන ජාතික දින සැමරුම් උත්සවය ඊයේ (25) කොළඹදී පැවති අතර එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එයට එක්වෙමින්, මෙම ඇගයීම සිදුකළ අතර ශ්‍රී ලංකා රජය සහ මෙරට ජනතාව වෙනුවෙන් ජපානය වෙත සුබපැතුම් එක් කළේය.
එසේම විශේෂයෙන්ම මෑතකදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා ආපදා තත්ත්වය හමුවේ සහන සේවා සඳහා ජපානය ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය ප්‍රදානය සහ එරටින් එවනු ලැබූ හදිසි වෛද්‍ය කණ්ඩායම, දෙරට අතර පවතින මානුෂීය බැඳීම සහ ශක්තිමත් හවුල්කාරිත්වය මනාව පිළිබිඹු කරන බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
එසේම ඉදිරි වසරවලදී ද ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින මෙම සබඳතාවය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද, එමඟින් දෙරටටම පොදු ප්‍රතිලාභ රැසක් අත්වනු ඇතැයි ද අමාත්‍යවරයා තම විශ්වාසය පළ කළේය.







