ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් දැනට පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සඳහා තවත් නමක් යෝජනා කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව, අද (31) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර, එහිදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන, මහමාර්ග හා නාගරික සංවර්ධන සම්බන්ධයෙන් වන විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

ජනාධිපතිවරයා විසින් මීට පෙර අවස්ථා 04 කදී විගණකාධිපති ධුරය සඳහා නම් 04 ක් යෝජනා කළ බවත්, ව්‍යවස්ථාදායක සභාව නිසි පරිදි තම විධායක බලය ඉටු නොකිරීම හේතුවෙන් මේ දක්වා විගණකාධිපති ධුරය හිස්ව පවතින බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.