අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසා ඇත්තේ, රට ගොඩනැඟීමේ කටයුතු නිවැරදිව සිදු කරන බව මෙවර අයවැයෙන් ඔප්පු කර ඇති බවයි. මෙවර අයවැය මඟින් සමාජ ප්‍රතිසංස්කරණ සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කර ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් 2025 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,016ක්, 2026 වසරේ බිලියන 1,480ක් සහ 2027 වසර සඳහා බිලියන 2,000ක් වෙන් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය. එම ප්‍රතිපාදන සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති බවද ඔහු පැවසීය.
විවාදයේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මන්ත්‍රී ගයන්ත මහතා සඳහන් කළ රතිඤ්ඤා පිළිබඳ ප්රකාශයටද ප්‍රතිචාර දක්වමින් තම ව්‍යාපාරය තුනෙන් දෙකක බලයක් ලබා ගත් අවස්ථාවේදී පවා එවැනි ක්‍රියා නොකළ පිරිසක් බව සඳහන් කළේය.




