“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (11) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 1110 ක් සිදු කර තිබෙනවා.
එම වැටලීම්වලදී සැකකරුවන් 1105 ක් අත්අඩංගුවට ගත් බවද, 53 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බවද පොලීසිය ප්‍රකාශ කර සිටියා.
හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 371 කින් හෙරොයින් ග්‍රෑම් 390 ක් ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 392 ක් අතරින් අයිස් ග්‍රෑම් 641 ක් ද සොයාගෙන ඇත.
මීට අමතරව, වැටලීම් 270 කින් ගංජා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 856 ක් හා ගංජා පැළ 115,999 ක්ද සොයාගෙන ඇත.





