‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (21) දින මත්ද්‍රව්‍ය වැටලීම් 815 ක් සිදු කර තිබේ.
එම වැටලීම්වලදී සැකකරුවන් 809 ක් අත්අඩංගුවට ගත් බවත්, 09 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කළ බවත් පොලීසිය විසින් ප්‍රකාශ කරන ලදී.
හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 271 කින් හෙරොයින් ග්‍රෑම් 475 ක්ද , අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 297 ක් අතරින් අයිස් ග්‍රෑම් 383 ක්ද සොයාගෙන ඇති බව සඳහන් වේ.
මීට අමතරව, වැටලීම් 189 කින් ගංජා කිලෝග්‍රෑම් 04 ග්‍රෑම් 743 ක්ද ගංජා පැළ 38,370 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
එම අදාළ වාර්ථාව පහතින් දක්වා ඇත.






