2026 අයවැය තුළින් රුපියල් බිලියන 654 ක් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රජය විසින් ආදායම් එකතු කිරීම වැඩි කරන අතරම, එම ආදායම් ජනතාවට ප්‍රතිලාභ සැලසීමට යොදවා ඇති බව, අයවැයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මෙවර අයවැය සංදර්ශනාත්මක අයවැයක් නොවන බවද, විපක්ෂයේ පිරිස් ද ඒ සම්බන්ධයෙන් පුදුමයෙන් බලා සිටි බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.