2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට සයිබර් ප්‍රහාරයක් සිදු කිරීමට උත්සාහ කර ඇති බවට හෙළිවූ වග ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයේ ලේකම් ප්‍රකාශ කරන ලදී.

එම අවස්ථාවේදී පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ බවත්, ඒ පිළිබඳව වහාම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL-CERT) සහ පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයට වාර්තා කළ බවත් ඔහු සඳහන් කරන ලදී.

පසුගිය ගෙවීම් නැවත සොයා බැලූ විට, ඕස්ට්‍රේලියාව සමඟ තිබූ ගනුදෙනුවකට අදාල ඊමේල් මගින් තොරතුරු වෙනස් කරමින් ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් වංචනික ලෙස වෙනත් ගිණුමකට මාරු කරගැනීමට හැකිව ඇති බවත්,
මෙය හඳුනාගත් විගසම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට දැනුවත් කරමින්, විමර්ශන කටයුතු රහසිගතව සිදු කිරීමට අවශ්‍ය කාලය ලබා දී ඇති බවත්, මෙහි රහස්භාවය ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය බවත් ඔහු අවධාරණය කරන ලදී.

අමාත්‍යංශය පවසන්නේ, මේ සයිබර් ප්‍රහාරය හරහා ඇතිවූ හානි අවම කිරීමට සහ අනාගතයේදී මෙවන් අවස්ථා නැවත සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>