අද (18) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මල්වානේ නිවස සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට සිද්ධියට අදාළ සියලුම පාර්ශව සහභාගී වන බව වාර්තා වේ.
පසුගිය 14 වැනිදා සිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පිරිසක්, ජනතා බදු මුදලින් වංචා කරන ලද දේපළ පොදු ජන අයිතියට පවරන ලෙස ඉල්ලා, මල්වානේ පිහිටි නිවසට ඇතුළු වී විරෝධතාවක් ආරම්භ කර තිබුණි.
මෙම දේපළ මීට පෙර බැසිල් රාජපක්ෂට අයත් බවට ප්‍රකාශ වුවද, අධිකරණ ක්‍රියාවලියේදී හිමිකරුවෙකු ඉදිරිපත් වී නොමැති බව සඳහන් වේ.
විශ්වවිද්‍යාලවල පවතින ඉඩකඩ හිඟය සලකා, නව පීඨ සංකීර්ණ සහ නේවාසිකාගාර පහසුකම් සකස් කිරීම සඳහා මෙවැනි රාජසන්තක දේපළ යොදා ගැනීමට ශිෂ්‍ය බලමණ්ඩලය රජයෙන් ඉල්ලා සිටියි.



