මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ව දකින වැරදි ආකල්ප සමාජයේ තවමත් පවතින බව අග්‍රාමාත්‍ය ආචාරිනී හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලදී.
ඒ පසුගිය පෙබරවාරි 03 වන දින අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණු “ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම” වැඩසටහනට සහභාගි වෙමිනි.
එමෙන්ම මානසික රෝගී තත්ත්වයන් සම්බන්ධ ප්‍රතිකාර ලබාදීම ආයතනගත ව පමණක් නොව ප්‍රජා මූලිකවත් තිබිය යුතු බවත් මෙම ක්ෂේත්‍රයේ පුළුල් සංවර්ධනයක් සහිතව දිගු ගමණක් යා යුතුයි වගේම ඒ තුළ වඩාත් සංවේදීව සහ මානුෂීයව එම සේවා ලාභීන් සමඟ කටයුතු කළ යුතු බවත් අගමැතිනිය මෙහිදී ප්‍රකාශ කරන ලදී.
”මම ඒ දවස් වලත් අමාරුවේ වැටුනේ මේවා කතා කරන්න ගිහිල්ලා මම හිතන්නේ මානසික සෞඛ්‍ය වගේ ක්ෂේත්‍රයක් තුළ ඒක වෛද්‍යවරුන් විතරක් ඉන්න පුළුවන් ක්ෂේත්‍රයක් නෙවෙයි.”
අතීත අත්දැකීම් බෙදාගනිමින් එතුමිය සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය,
අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැකිය >>>>>>






