සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මෙන්ම අනෙකුත් අමාත්‍යාංශ, ආයතන, ව්‍යාපාරික ප්‍රජාව, පොදු ජනතාව සහ ජනමාධ්‍ය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු දෙනාගේම සම්බන්ධීකරණයෙන් බෝනොවන රෝග සදහා වන කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ගත් තීරණයට අදාළව මූලික වටයේ සාකච්ජාවක් ඊයේ (07) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්දගේ ප්‍රධානත්වයෙනි.
පිළිකා රෝග, හෘද රෝග, වකුගඩු රෝග, ශ්වසන පද්ධතියට අදාළ රෝග සහ දියවැඩියාව වැනි රෝග ඇතුළුව බෝනොවන රෝග කෙරෙහි මූලික අවධානය යොමු කරමින් ඊට අදාළව දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද සම්බන්ධීකරණය කර ගනිමින් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඒ ඔස්සේ අඛණ්ඩව බෝ නොවන රෝග පාලනය කර මෙරට ජනතාවට සුවපත් ජීවිතයක් අත් කරදීම මෙහි ප්‍රමුඛතම අරමුණ වේ.
මෙම සාකච්ජාව සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, වෘක්කවේද පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්,ඊට අඳාළ වෛද්‍ය සංගම්වල නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





