මෙරට බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගෙන් සියයට 70කට පමණ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා එල්ල වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එවැනි චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 40,000කට ආසන්න බවයි.
මත්ද්‍රව්‍ය ගැටලුව කොළඹ නගරයට පමණක් සීමා වී නොමැති අතර, ගම්බද ප්‍රදේශවල පාසල් තුළට ද මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කිරීම සඳහා පාසල් තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ආරම්භ කර ඇති බව ද එතුමා වැඩිදුරටත් සඳහන් කළා.





