රට තුළ තරාතිරම නොබලා ලොකු කුඩා සැමට නීතිය එකසේ ක්රියාත්මක වෙමින් පවතින බව වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලින් හේවගේ පවසනවා.
මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අධිකරණ ක්රියාවලිය පිළිබඳව මේ වනවිට ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී ඇති බවයි. අතීතයේදී නීතිය ක්රියාත්මක වූයේ සාමාන්ය ජනතාවට පමණක් බවත්, බලය හා තරාතිරම සහිත පිරිස් නීතියෙන් ගැලවී ගිය බවට ජනතාව තුළ මතයක් පැවති බවත් නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් වර්තමානයේ ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් යන තරාතිරම් නොසලකා නීතිය ස්වාධීනව ක්රියාත්මක වන බවයි ඔහු අවධාරණය කළේ.
රටක සංවර්ධන ක්රියාවලියක් ආරම්භ කිරීමට නම් නීතියේ ආධිපත්යය අනිවාර්යයෙන්ම ස්ථාපිත විය යුතු බවත්, නීතියක් නොමැති රටක් කිසිසේත් සංවර්ධනය කළ නොහැකි බවත් එතුමා වැඩිදුරටත් ප්රකාශ කළා.





