22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ජනතාවට හෝ අධිකරණ පද්ධතියට සිදුවන අහිතකර බලපෑමක් පිළිබඳ නිශ්චිත කරුණු ඉදිරිපත් කිරීමට විපක්ෂය මෙතෙක් අපොහොසත් වී ඇති බව නිලුක්ෂ කුමාර පවසයි.

අදාළ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සංවිධානය කළ විරෝධතා තුළින් ජනතාවගේ සැබෑ ගැටලු ඉදිරිපත් කිරීම වෙනුවට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාගත ජනාධිපතිවරයා ලෙස ඔසවා තැබීමේ ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක වූ බව ඔහු චෝදනා කරයි.

නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව අතර 2029 ජනාධිපතිවරණය ඉලක්ක කරගත් දේශපාලන තරගයක් නිර්මාණය වී ඇති බවද නිලුක්ෂ කුමාර සඳහන් කළේය.

ඒ අනුව, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුවාවෙන් පැවැත්වෙන විරෝධතා ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සැබෑ ව්‍යාපාරයක් නොව, තම පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍ර ප්‍රවර්ධනය කිරීම සඳහා සංවිධානය කරන හුදු දේශපාලන සංදර්ශන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>