එදා අගවිනිසුරුවරිය බලහත්කාරයෙන් එළවා දැමූ සහ විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගැසූ අතීතයක් ඇති පිරිස් අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කිරීම හාස්‍යජනක බව ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු හොරුන්ට සහ දූෂිතයින්ට නිදහස දීම හෝ පාලකයින්ගේ වරප්‍රසාද රැකීම නොවන අතර තම පක්ෂයේ ප්‍රතිපත්තිය තුළ හොරුන්ට කිසිදු ඉඩක් නොමැති බව මෙහිදී අවධාරණය කෙරිණි.

පොදු ජනතාවට යුක්තිය සහ සහන සලසන නව ගමනක් වෙනුවෙන් තමන් නොසැලී ඉදිරියට යන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>