තරගකාරීත්වය හේතුවෙන් වේගයෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමට ප්‍රමුඛත්වය ලබාදීමට වඩා, ගුණාත්මක සහ වගකීම් සහගත ප්‍රවෘත්ති සම්පාදනය කරන මාධ්‍ය සංස්කෘතියක් රටට අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් මහතා පවසයි.
මාධ්‍යවේදියෙකු ලියන සෑම අකුරක්, ලබාගන්නා සෑම ඡායාරූපයක් සහ පටිගත කරන සෑම වීඩියෝවක් පිටුපසම මිනිසුන්ගේ සැබෑ ජීවිත කතාවක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. එබැවින් එම මාධ්‍ය අන්තර්ගතයන් හරහා පුද්ගලයන්ට සහ සමස්ත සමාජයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව මාධ්‍යවේදීන්ට ගැඹුරු අවබෝධයක් තිබිය යුතු බවද අවධාරණය කළේය.
දේශපාලන න්‍යායපත්‍රවලට යට නොවී, මානුෂීය ගුණාංග හා සහකම්පනය පෙරදැරි කරගෙන කටයුතු කරන නිවහල් මාධ්‍යවේදීන් පිරිසක් බිහිකිරීම වර්තමානයේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>





