අතීතයේදී නීතිය ක්‍රියාත්මක වූයේ සමාජයේ පහළ මට්ටමේ පුද්ගලයන්ට පමණක් බවටත්, ධනය හා බලය හිමි ඉහළ ප්‍රභූ පැලැන්තියට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවටත් ජනතාව තුළ සාධාරණ මතයක් නිර්මාණය වී තිබූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
විවිධ ආගමික හා සංස්කෘතික පසුබිම් මත ද නීතිය ක්‍රියාත්මක වීමේ වෙනස්කම් පැවති බවට සමාජයේ දැඩි විශ්වාසයක් පැවති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන නොවන රටක් කිසිසේත් දියුණු කළ නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා, රටක් ගොඩනැගීමේ ප්‍රධානතම අත්තිවාරම වන්නේ සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම බව අවධාරණය කළේය.
බලවත් හෝ දුබල, ධනවත් හෝ දුප්පත් යන වෙනසකින් තොරව මෙන්ම ආගමික හා ජාතික භේද නොසලකා සියලුදෙනාට එක හා සමානව නීතිය ක්‍රියාත්මක වන බව වත්මන් පාලනය යටතේ ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





