අතීතයේදී නීතිය ක්‍රියාත්මක වූයේ සමාජයේ පහළ මට්ටමේ පුද්ගලයන්ට පමණක් බවටත්, ධනය හා බලය හිමි ඉහළ ප්‍රභූ පැලැන්තියට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවටත් ජනතාව තුළ සාධාරණ මතයක් නිර්මාණය වී තිබූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. විවිධ ආගමික හා සංස්කෘතික පසුබිම් මත ද නීතිය ක්‍රියාත්මක වීමේ වෙනස්කම් පැවති බවට...

