බන්ධනාගාර රැඳවියන්ගෙන් 70%කට මත්ද්‍රව්‍ය චෝදනා – අමාත්‍ය ආනන්ද විජේපාල – 07.09.2026

මෙරට බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගෙන් සියයට 70කට පමණ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා එල්ල වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එවැනි චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 40,000කට ආසන්න බවයි. මත්ද්‍රව්‍ය ගැටලුව කොළඹ නගරයට පමණක් සීමා වී නොමැති අතර, ගම්බද ප්‍රදේශවල පාසල්...