වතු ආශ්‍රිත ක්‍රීඩා සමාජ ලෙස ලියාපදිංචි සියලුම ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා උපකරණ ලබා දීමත්, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් කර්මාන්තකරණයේ නියැලී සිටින අයට අදාළ කර්මාන්තයට අවශ්‍ය උපකරණ බෙදා දීමත් අද (14) දින බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විය.
මෙහි දි වතු ආශ්‍රිත ක්‍රීඩා සමාජ 251 කට මිලියන 8කට අධික ක්‍රීඩා උපකරණ ලබා දුන් අතර, කර්මානතයේ නියැලි සිටින කර්මාන්ත කරුවන් වෙත අවශ්‍ය උපකරණ ද බෙදා දෙන ලදි.
“වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු අප රටේ දේශපාලන නායකත්වය, දූෂණය, වංචාව සහ සොරකම මෙරටින් තුරන් කිරීම සඳහා කැපවී සිටිනවා. එහි ප්‍රතිලාභයි අපේ රටේ පුරවැසියන් ලෙස අද අපට මේ ආකාරයෙන් භුක්ති විඳීමට ලැබෙන්නේ.”
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා තම අදහස් පළ කරන ලද්දේ එලෙසිනි.
එසේම ප්‍රමාණවත් භෞතික සම්පත්වල සහ යටිතල පහසුකම හිඟය රටක් ලෙස ඉතිහාසයේ මුහුණ දුන් අභියෝගයක් වූ නමුත් වර්තමානය වන විට ක්‍රමානුකූලව වත්මන් රජයෙන් ඒ වෙනුවෙන් ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස වෙන් කිරිම් සිදු කරමින් පවතින බවත් එතුමා වැඩිදුරත් ප්‍රකාශ කරන ලදී.








