පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහා ඉදිකිරීම් අවසන් අදියරේ පවතින අනුරාධපුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනතා භාවිතයට විවෘත කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

ඔහු සඳහන් කළේ, පොසොන් සමයේ අනුරාධපුර නගරයේ ඇතිවන දැඩි රථවාහන තදබදය අවම කිරීම සහ බස් හා දුම්රිය මගීන්ට පහසුවෙන් තම ගමනාන්ත වෙත යාමට මෙම මධ්‍යස්ථානය සහාය වන බවයි.

මෙහි මූලික අදියරේ වැඩ අවසන් කර ඇති අතර, පදවිය, කැකිරාව, හොරොව්පතාන, ගලෙන්බිඳුණුවැව සහ කහටගස්දිගිලිය ඇතුළු ප්‍රදේශවලට ධාවනය වන දුරගමන් බස් රථ අද සිට මෙම මධ්‍යස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම, ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් කර සැප්තැම්බර් මාසය වන විට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මහජනතාවට පූර්ණ වශයෙන් භාරදීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘Webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>