පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට (16) දිනයේදී යළි ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව, පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සූදානම් කිරීම සඳහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද (15) කැඳවීමට පියවර ගෙන ඇත.
මේ අතර, පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිල ඇඳුම් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර සිටියා.
ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ පාසල් 147 ක් හෙට දිනයේදී යළි ආරම්භ කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර, එම පාසල් විවෘත වන දිනයන් ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.





